ප්‍රාදේශීය සභාවකවත් නොසිටි කෙනෙකුට රටේ පාලනය දෙන්න එපා කියලා මං මුලදීම කිව්වා, දැන් පේනවානෙ - වෙල්ගම - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 23, 2021

ප්‍රාදේශීය සභාවකවත් නොසිටි කෙනෙකුට රටේ පාලනය දෙන්න එපා කියලා මං මුලදීම කිව්වා, දැන් පේනවානෙ - වෙල්ගම

අවම වශයෙන් ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී ධුරයක් හෝ නොදැරූ පුද්ගලයෙකුට රටේ පාලනය බාර නොදෙන්නැයි තමන් මුලදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැවසූ බවත් අද වනවිට තමන් නිවැරදි යැයි ඔප්පු වී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. 

"අපෙ අගමැතිතුමාටවත්, මං හිතන්නෙ මේ ගැන කතාකිරීමේ අයිතියක් එතුමාටවත් දෙන්නෙ නැහැ. අපි දන්නවා. පාර්ලිමේන්තුවෙ ඇවිල්ලා ඉඳගෙන ඉන්නකොට අපිට එයාගෙ මූණෙන් පේනවා. මං අවුරුදු 40ක් එයාත් එක්ක ජීවත් වෙච්ච මිනිහෙක්. එයාගේ මූණ බලලා මට කියන්න පුළුවන්. ඉතිං ඒවගේ කාලයක් දැන් උදාවෙලා තියෙන්නෙ. මං හිතන්නෙ අපි සියලු දෙනාම මේකට විරුද්ධව එක්කහු වෙන්න ඕනෙ. 

මම තමයි මුලින්ම කිව්වෙ හමුදාවෙ හිටපු කෙනෙකුට දෙන්න එපා කියලා. ඒ ගොල්ලොන්ට පුළුවන් අණ දෙන්න විතරයි. මං තමයි කෑගහලා කිව්වෙ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කෙනෙක්වත් වුණේ නැති කෙනෙකුට මේ රටේ පාලනය දෙන්න එපා කියලා. ඒක දැන් අද ඔප්පු වෙලා තියෙනවා. අද හැම එක්කෙනාම, පොහොට්ටුවට ඡන්දෙ දීපු වැඩිදෙනෙක් තමයි අපට කතා කරන්නෙ. ඒ අය කියන්නෙ ඔබතුමාට හොඳට ඉදිරිය පේනවා කියන එක" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ ඊයේ (22) ජනරජ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවැත්වූ සමරු උත්සවයට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

No comments:

Post a Comment

Post Bottom Ad