2016 වසරේදී රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධ පැමිණිල්ල පොලිස් පොතේ සටහන් කරද්දී චම්පික රණවක එවකට ඇමතිවරයාගේ නම සඳහන් නොකරන ලෙස ඉහළ නිලධාරීන්ගෙන් තමන්ට බලපෑම් එල්ල වූ බව එම පැමිණිල්ල සටහන් කර ගත් වැලිකඩ පොලීසියේ පොලිස් කොස්තාපල්වරයා පවසා තිබේ.
අදාළ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් කොස්තාපල්වරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මේ බව සදහන් කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා තිබේ.
එම කොස්තාපල්වරයෙකුට පවසා ඇත්තේ වැලිකඩ පොලීසියේ ඉහළ පොලිස් පරීක්ෂකවරයෙක් දැනුම් දීම මත තමන් එසේ කල බව යයිද නීතිපතිවරයා විසින් අධිකරණයට වාර්තා කර ඇත.
මේ අනුව ඉතා නුදුරේදීම ඉහල පොලිස් නිලධාරීන් කිහිපදෙනකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයිද වාර්තා සඳහන් කළේය.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් එවකට කොළඹ දිසාව භාරව සිටි දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පොලිස්පති පූජිත ජයසුන්දරද වන බවද ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම නියමිත බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කරන ලදී.
Thursday, December 19, 2019
Home
ප්රවෘත්ති
චම්පික තවත් අමාරුවේ.. බලපෑම නිසා පැමිණිල්ල වෙනස් කල බව පොලිස් ලොක්කන් පිලිගනී.. අධිකරණයටද දන්වයි !
චම්පික තවත් අමාරුවේ.. බලපෑම නිසා පැමිණිල්ල වෙනස් කල බව පොලිස් ලොක්කන් පිලිගනී.. අධිකරණයටද දන්වයි !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment