ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන්න ගිය සාදයට වෙච්ච වැඩේ ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 8, 2019

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන්න ගිය සාදයට වෙච්ච වැඩේ ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්

තමන් පොළොන්නරුවේ සූදානම් කර තිබූ සාදයට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකු නොපැමිණි බවට පළවන වාර්තා පදනම් විරහිත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

තමන් විසින් එවන් කිසිදු සාදයක් සංවිධානය නොකළේ යැයිද ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම දීර්ඝ නිවාඩුවක් ගත කිරීමට විදේශගතවීමට තමන් සූදානම් වන බවට ද වාර්තාවද එම පුවත් අසත්‍ය බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
එම නිවේදනය පහතින්.. 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොළොන්නරුවේ සාදයක් සුදානම් කර තිබු බවත් එම සාදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොපැමිණී බව සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් පල කර ඇති අතර එම පුවත සාවද්‍ය පුවතකි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා එවැනි කිසිදු සාදයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පැවැත්වුයේ නැත.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිවාඩුවක් සදහා විදේශ ගත වීමට සුදානම් බවත් ඒ සදහා වීසා නොලැබුණු බවත් එම පුවතේ සදහන් කර ඇති අතර එම කරුණුද සාවද්‍යය.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුර කාලය තුලදි ලබා දුන් මාධ්‍ය නිදහස ,මාධ්‍ය ආචාර ධර්ම රැකෙන පරිදි තහවුරු කර ගත හැකි පුවත් පල කිරිම සමාජයටද යහපතක් වනු ඇත.පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේවැනි සාවද්‍ය පුවත් සදහා මාද්‍ය සදාචාරය අගයන මාධ්‍ය ආයතන වටිනාකමක් නොදෙනු ඇතැයි අපගේ විශ්වාසයයි.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ 
මාධ්‍ය ඒකකය




No comments:

Post a Comment

Post Bottom Ad