සංස්කෘතික අරමුදලේ මුදල්වලට වුණ දේ සොයන්න කමිටුවක් - අගමැති කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 10, 2019

සංස්කෘතික අරමුදලේ මුදල්වලට වුණ දේ සොයන්න කමිටුවක් - අගමැති කියයි

ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේ සංස්කෘතික අරමුදලේ තිබූ මුදල් විශාල ප‍්‍රමාණයක් වැයකර ඇති ආකාරය පිළිබඳව සොයා බැලීමට නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට පැවැසීය.

අරමුදලේ මුදල්වලට සිදුවූ දේ පිළිබඳව තමන්ට ඉක්මනින්ම වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම් දුන් බවද අගමැතිවරයා කීය.

ආගමික ස්ථාන, කලා කටයුතු නඩත්තු කිරීම සඳහා මෙම සංස්කෘතික අරමුදල ආරම්භ කර තිබුණි.

මෙම අරමුදලේ තිබූ විශාල මුදලක් හිතුමතේ වැය කිරීම නිසා අරමුදල හිස්ව ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වූ නිසා මෙම විමර්ශන කටයුතු ආරම්භ කළ බවද අගමැතිවරයා පැවසීය.

මෙම තත්ත්වය අනුව වරප‍්‍රසාද ලැබිය යුතු ආගමික ස්ථානවලට එමෙන්ම කලා ශිල්පීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නළු නිළියන්ට ලැබිය යුතුව තිබූ දීමනා සහ පහසුකම් පවා එම කාලයේදී අඩපණ වී ගොස් තිබූ බවට පැමිණිලි රැසක් ලැබෙන බවද අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

උදාවී ඇති තත්ත්වය අනුව මෙම සංස්කෘතික අරමුදල යළිත් පණ ගැන්වීම සඳහා ගත යුතු කි‍්‍රයා මාර්ග පිළිබඳව සාකච්ඡුා කරන බවද මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

නෝමන් පළිහවඩන - දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad