‘පැහැර ගැනීමක් නෑ.. ප‍්‍රශ්ණ කලේ මිතුරියගේ ගෙදරදී..’ - ස්විස් එම්බසි සේවිකාව රහස් පොලීසියට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 9, 2019

‘පැහැර ගැනීමක් නෑ.. ප‍්‍රශ්ණ කලේ මිතුරියගේ ගෙදරදී..’ - ස්විස් එම්බසි සේවිකාව රහස් පොලීසියට කියයි

පැහැරගැනීමට ලක් වූයේ යැයි කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගෙන් රහස් පොලිසිය විසින් කළ ප්‍රශ්න කිරීම්වලදී බරපතළ පරස්පරතා මතුව තිබේ.

තානාපති කාර්යාලය විසින් මුලින්ම දැනුම් දී තිබුණේ ශාන්ත බ්‍රිජෙට් කන්‍යාරාමය අසළදී පස් දෙනෙකු විසින් ඇය පහර ගෙන ගොස් ලිංගික අතවර කර ප‍්‍රශ්න කර ඇති බවයි.

නමුත් රහස් පොලිසිය හමුවේ ඇය සඳහන් කර ඇත්තේ තම මිතුරියකගේ නිවසේදී එකී ප‍්‍රශ්න කිරීම් වලට ලක් වූ බවයි.

කෙසේ වෙතත් රහස් පොලිසිය විසින් හෙළිකරගෙන ඇත්තේ අදාළ කාන්තාව පැහැරගත්තා යැයි කියන අවස්ථාවේ එකී කන්යාරාමය අසල එම වේලාවට ඇය කී වර්ගයේ ඌබර් කුලී රථ සේවාවේ රථයන් ධාවනය නොවූ බවයි.

මේ බව තානාපති කාර්යාලටද දැනුම් දී ඇත.

එමෙන්ම සුදු පාට වාහනකින් පැහැර ගැනීම සිදුකළ බව මුලින් දන්වා තිබුණද පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ඇය ගමන් ගත් රතු පැහැති වාහනයෙන් ඇය නිරූපද‍්‍රිතාව නිවසට ගිය බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad