ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන්වැනි පන්තියට ඇද දමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීමේ ගාමක බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවද එම ජයග්‍රහණයෙන් පසු මෙය වන විට පක්ෂයක් ලෙස ප්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටින බවද ඔහු පැවසීයත.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුන්වැනි තැනට ඇද දමන වැඩපිලිවෙලට විරෝධතාව පළ කරන බවද පැවමූ ඔහු පක්ෂ මහලේකම්වරයා ලෙස අදාල ගිවිසුම් එකින් එක අත්සන් තබන ලද්දේ තමන් විසින් නිසා ඒ සම්බන්ධයෙන් විශාල වගකීමක් ඇතැයි ද සඳහන් කළේය.
කෙසේ වෙතත් කෙනෙහෙලිකම් මැද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරන බවද කී ඔහු ඊට විකල්පය ලෙස එක්සත් ජාතික පක්ෂයට එකතු වීම කිසිසේත්ම සිදු නොවන බවද සඳහන් කළේය.
උත්සව සභාවක් අමතමින් මහලේකම්වරයා මෙම අදහස් පල කරන ලදී.
Saturday, December 21, 2019
ජනාධිපතිවරණය දිනාගෙන ශ‍්‍රීලනිපය හෑල්ලු කරනවා..- මහ ලේකම් දයාසිරි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment