හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය සති අන්තයේදී සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකු සහභාගි නොවූ බව වාර්තා වෙයි.
පොලොන්නරුව සුදු අරලිය හෝටලයේදී පැවති මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාට අතිශය සමීප ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු හැර වෙනත් කිසිවෙකු පැමිණ නොසිටි බව දැනගන්නට ඇත.
සිරිසේන මහතා වෙනුවෙන් එදින දහවල් පැවති උත්සව කටයුත්තක් සඳහා ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පමණක් ශ‍්‍රීලනිපය වෙනුවෙන් සහභාගී වී සිට ඇත.
මේ අතර වාර්තා වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවට පාර්ලිමේන්තුවට තෝරා පත් කරන ලද කිසිදු හිටපු ජනාධිපතිවරයාගේ දුරකථන ඇමතුමකට හෝ ප්‍රතිචාර නොදක්වන බවයි.
ඇතිව තිබෙන තත්වය මත හිටපු ජනාධිපතිවරයා පවුලේ සාමාජිකයන්ද සමගින් මාස දෙක තුනකට විදේශ ගතවීමට සූදානම් වෙමින් සිටී.
දීර්ඝ කාලීන නිවාඩුවක් ගත කිරීම සදහා ඔහු එංගලන්තය බලා යාමට සැලසුම් කර ඇති අතර ඉදිරියේදී දේශපාලනය කරන ආකාරය ගැන එම කාලයේදි තීන්දු කරනු ඇතැයිද වාර්තා වෙයි.
කෙසේ නමුත් 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වූ මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් පෙනි සිටිය අතර මහජනතාවද විශාල වශයෙන් ඔහු සමග එක්විය.
ඒ මහතාට මුල් කාලයේදී විශ‍්‍රාමික ජනාධිපති නිල නිවසක් හෝ යහපාලනය විසින් ලබා නොදු අතර කොළඹ කටයුතුවලට සහභාගී වූයේ නුගේගොඩ සිය සොයුරියගේ නිවසේ සිටයි.
Saturday, December 7, 2019
Home
ප්රවෘත්ති
මෛත‍්‍රි තට්ට තනිවෙයි.. රාත‍්‍රී භෝජන සංග‍්‍රයට බලුකපුටෙක්වත් නෑ.. සියල්ල අතැර එංගලන්තයට යන්න වීසා ගනී..
මෛත‍්‍රි තට්ට තනිවෙයි.. රාත‍්‍රී භෝජන සංග‍්‍රයට බලුකපුටෙක්වත් නෑ.. සියල්ල අතැර එංගලන්තයට යන්න වීසා ගනී..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment