මැතිවරණයට පෙරම එජාපය පැරදේ.. එජාපෙ සුළු පක්‍ෂ වෙනම තරග කරන්න තීරණය කරයි.. එජාපය ලක්‍ෂ 30-35 සීමාවට ඇද වැටේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 7, 2019

මැතිවරණයට පෙරම එජාපය පැරදේ.. එජාපෙ සුළු පක්‍ෂ වෙනම තරග කරන්න තීරණය කරයි.. එජාපය ලක්‍ෂ 30-35 සීමාවට ඇද වැටේ..

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණට සන්ධාන ගතවී සිටින සුළු පක්ෂ ගණනාවක් තනිව තරග කිරීමට තීරණය කර තිබේ.

මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන පක්‍ෂ හා දෙමළ ජාතිකයන් නියෝජනය කරන පක්ෂ මෙසේ වෙනම තරග කිරීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයද වෙනම තරග කිරීමට සාකච්චා වෙමික් ඇත.

ඉන් පසු මැතිවරණ ප‍්‍රතිඵල අනුව සන්ධාන ගත වීම හෝ වෙන්ව කටයුතු කිරීම තීරණය කිරීමට නියමිතය.

මේ තත්ත්වය මත ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ලක්ෂ 55ක ප්‍රමාණය ලක්ෂ 35 ක සීමාවට පමණක් පසුබැසීමට එක්සත් ජාතික පක්ෂයට සිදුවනු ඇත.

දෙමළ ජාතික සන්ධානය, හකීම්, බදුර්දීන්, දිගම්බරම්, මනෝ ඇතුළු ඇතුළු සුළු පක්ෂ ලක්ෂ 20කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් වෙන්ව ලබා ගැනීම තුල එක්සත් ජාතික පක්‍ෂය දැඩි අසීරුවකට පත්වනු ඇත.

කෙසේ වෙතත් රටක විපක්ෂය දියවියාම රටේ ජනතාවට ඉතාමත් අහිතකර අන්දමින් බලපාන බව අප විසින් අමතක නොකළ යුතුය

No comments:

Post a Comment

Post Bottom Ad