ආප්ප කෑමෙන් වසර පහකට පසු මෛත්‍රී මහන්ද අරලියගහ මන්දිරයේදී එකට වාඩිවෙයි - ගෝඨාාත් එයි - හදිසි සාකච්ඡාවක්‌ - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 21, 2019

ආප්ප කෑමෙන් වසර පහකට පසු මෛත්‍රී මහන්ද අරලියගහ මන්දිරයේදී එකට වාඩිවෙයි - ගෝඨාාත් එයි - හදිසි සාකච්ඡාවක්‌

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. ඒ ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

ජනාධිපති සහ හිටපු ජනාධිපති අතර සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර අගමැති සහ හිටපු ජනාධිපති අතර හමුව අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රී සහ අගමැති මහින්ද අතර හමුව සුවිශේෂී හමුවකි. ඒ මීට පෙර අරලියගහ මන්දිරයේදී ඔවුන් දෙදෙනා අතර අවසන් වරට පැවති සාකච්ඡාව ඉතා සුවිශේෂී සහ තීරණාත්මක සාකච්ඡාවක් වීම නිසාය. ඒ 2014 වසරේ නොවැම්බරයේදීය. එම සාකච්ඡාවෙන් පසුව එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මෛත්‍රී තමන් සමග ආප්ප කා ගොස් තමන්ට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවයි.

එම සාකච්ඡාවෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට එක් වූ අතර පසුව පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී මහින්ද රාජපක්ෂ මහතාගේ වසර 10 ක ජනාධිපති ධුරයට තිත තැබීය. එවක රාජපක්ෂ කඳවුර සමග සිටි දේශපාලනඥයන් මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා ක‍ළේ එකට ආප්ප කා සිය නායකයා සහ පක්ෂය පාවා දුන් බව කියමිනි.

එදා ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ‍ලෙස ආප්පා කෑ මහින්ද සහ මෛත්‍රී අද අරලියගහ මන්දිරයේදී හමු වී ඇත්තේ හිටපු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලෙසයි. එදා එකම පක්ෂයේ සභාපතිවරයා සහ මහ ලේකම්වරයා ලෙස සිටි ඔවුන් ‍දෙදෙනා අද දේශපාලන පක්ෂ දෙකක සභාපතිවරුන් ලෙස කටයුතු කරයි.

එසේම එදා තමන් පක්ෂය හැර නොයන බව දිවුරා පවසමින් ආප්ප කා ප්‍රතිවාදීන් ‍ලෙස ජනාධිපතිවරණයට පැමිණි මෛත්‍රී සහ මහින්ද අද එකම දේශපාලන කඳවුරකින් මහ මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව සාකච්ඡා පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad