රජයේ මණ්ඩල සංස්ථා ආදී ආයතනවල ඉහල තනතුරු සඳහා සුදුසු පුද්ගලයින් හඳුනාගැනීමට පත්කළ විද්වත් කමිටුවේ තීරණ මුළුමනින්ම නොසලකා,
සභාපතිවරුන් නම් කර තිබු ඇමතිවරුන් කිහිප දෙනෙකුට දැඩි ලෙස අවවාද කර ඇති ජනාධිපතිවරයා, වහාම එම පත්වීම් අවලංගු කරන ලෙස ඔවුනට නියෝග කර ඇත.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගුවන් සමාගම වැනි රජයේ ආයතන කිහිපයකට සභාපතිවරුන් පත්කර ඇතැයි සමාජ මාධ්‍යවල පළවීමත් සමග ජනාධිපතිවරයා අදාල ඇමතිවරුන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින්, රාජ්‍ය ආයතනවල ඉහල තනතුරු සඳහා සුදුස්සන් තෝරාගැනීම සඳහා පත්කර ඇති විද්වත් කමිටුවේ තීන්දුවට පිටින් කටයුතු නොකරන්නැයි දැනුම් දී තිබේ.
තමා ජනාධිපතිවරණයේදී ජනතාවට පොරොන්දු වූ පරිදි රජයේ ආයතන දියුණු කිරීමට සුදුසු පුද්ගලයින් තෝරාගැනීම සඳහා දැන්වීම් පළකර ඇති බවත් ඔවුන් අතරින් සුදුසු පුද්ගලයින් හඳුනා ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අදාල ඇමතිවරුන්ට පවසා ඇත.
එසේම, මීළඟ මහ මැතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තුවන කිසිවකුට රාජ්‍ය ආයතනවල තනතුරු සඳහා නිර්දේශ නොකරන්නැයි පවසා ඇති ජනාධිපතිවරයා, එවැනි පුද්ගලයින් පත්කළ විට ඔවුන් ආයතනයේ දියුණුවට වඩා තමාගේ ඡන්දය ඉලක්කකර ගනිමින් කටයුතු කරන බව ද සඳහන් කර තිබේ.
තමා විසින් සභාපති ලෙස පත්කළ කීර්තිමත් පුද්ගලයකුගේ නම් මේවනවිටත් සමාජ මාධ්‍යවල පලවී ඇති බැවින් ඔහුගේ නම ඉවත්කරගතහොත් ඔහුට බලවත් නින්දාවක් සිදුවනු ඇතැයි ඇමතිවරයකු පවසා ඇතත්, ජනාධිපතිවරයා දැඩි ලෙස පවසා ඇත්තේ ''කරන්න දෙයක් නැහැ මම කියන එක කරන්න'' කියාය.
මෙම සිද්ධිය 'අද දෙරණ' ''තිරය පිටුපස'' විශේෂාංගයෙන් වාර්තා කර ඇත්තේ මෙසේය.
වීඩියෝ
Saturday, December 7, 2019
ඇමතිවරු පරන පාරේ යන්න ගිය ගමනක් ජනපති අනින් නවතී! (VIDEO)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment