ඇමරිකාවේ හැමදේටම විරුද්ධ වෙන්න අපි මෝඩ නෑ. MCCයේ සීයට 70කට එකඟයි - ගම්මන්පිල - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 7, 2019

ඇමරිකාවේ හැමදේටම විරුද්ධ වෙන්න අපි මෝඩ නෑ. MCCයේ සීයට 70කට එකඟයි - ගම්මන්පිල

ඇමරිකාවෙන් එන සියලුම දේට විරුද්ධ වීමට තරම් කුහකකමක් හෝ මෝඩකමක් තමන් තුළ නොමැති බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ අනුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමේ (MCC) 70%ක් ප්‍රතිපාදන වෙන්ව ඇති ප්‍රවාහන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බවයි ඒ මහතා අවධාරණය කළේ.

"MCC ගිවිසුමේ ව්‍යාපෘති දෙකක් තියෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය - ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. 70%කට වඩා වෙන් වෙන්නෙ ප්‍රවාහන ව්‍යාපෘතියට. 30%කට අඩු මුදලක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට වෙන් වෙන්නෙ. අපේ ස්ථාවරය තමයි ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ කිසි විරෝධයක් නෑ.

මේ ඇමරිකාවෙන් එන හැමදේටම විරුද්ධ වෙන කුහක කමක්වත් මෝඩ කමක්වත් අපේ නෑ. රටට හානියක් වෙන දේට විතරයි අපි විරුද්ධ වෙන්නෙ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. විපක්ෂයේ හිටිය ස්ථාවරයේමයි අදත් ඉන්නේ.

අපි ඉල්ලුවා ප්‍රවාහන ව්‍යාපෘතිය විතරක් කරමු කියලා. හැබැයි ඇමරිකාව කියනවා "නෑ නෑ කරනවා නම් එකක් කරන්න බෑ, දෙකම කරමු" කියලා. ඒකෙන්ම පේනවා ඒකෙන්ම පේනවා ඇමරිකාව ප්‍රවාහන ව්‍යාපෘතියට සල්ලි දෙන්නේ ඉඩම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවාගැනීමේ යටි අරමුණින් කියන එක.

ඒ අය දෙකම ඕනෙ කියනවා නම් අපි කියන්නෙ මොකුත් එපා කියන එක" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad