සරත් ෆොන්සේකාගේ නම එජාප නව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ගැලවෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 29, 2020

සරත් ෆොන්සේකාගේ නම එජාප නව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ගැලවෙයි !

ක්සත් ජාතික පක්ෂයේ නව කෘත්‍යාධිකාරී මණ්ඩය  පිහිටුවීම අද සන්ධ්‍යාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන්.
මෙවන් තත්වයක් පැවතීමේ දී එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ වත්මන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් වන අජිත් පී. පෙරේරා හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ නම් නව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර ඇති බවයි.

කෙසේ වෙතත් නව කෘත්‍යාධිකාරී මණ්ඩලය කවුරුන්ද යන වග මෙතෙක් මාධ්‍යයට අනාවරණය කර නොමැති අතර අද සන්ධ්‍යාවේදී පැවැත්වෙන රැස්වීමෙන් අනතුරුව එය මාධ්‍යයට නිකුත් කරන බවයි පක්ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසුවේ.



No comments:

Post a Comment

Post Bottom Ad