වුහාන් සිසුන් වෙනුවෙන් පැය 48ක් තුළ දියතලාව කඳවුරේ විශේෂ රෝහල් ගොඩනැගිල්ලක් ඉදිකරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 29, 2020

වුහාන් සිසුන් වෙනුවෙන් පැය 48ක් තුළ දියතලාව කඳවුරේ විශේෂ රෝහල් ගොඩනැගිල්ලක් ඉදිකරයි

චීනයේ සිට මෙරටට රැගෙන එන සිසුන් රඳවා පරික්ෂා කිරීම් සඳහා දියතලාව හමුදා කඳවුර තුළ විශේෂ ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කරන බව හමුදාව පවසනවා.

පැය 48ක් තුළ මෙම ඉදිකිරීම් නිම කරන බවයි හමුදාව සඳහන් කළේ.

විෂබීජ පිටතට නොයන ලෙස තනි කාමර ලෙස මේවා ඉදිවන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

වුහාන් සිට පැමිණෙන මෙම ශ්‍රී ලාංකික සිසුන් සති දෙකක පමණ කාලයක් දියතලාව හමුදා කඳවුරේ නවතා ගනිමින් පරීක්ෂණ පැවැත්වීම රජයේ අරමුණ වී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad