කොරෝනා නිසා ටොයෝටා නවතී - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 29, 2020

කොරෝනා නිසා ටොයෝටා නවතී

ටොයෝටා මෝටර් රථ සමාගමට අයත් චීනයේ පිහිටි කම්හල ඊයේ (29) සිට පෙබරවාරි 9 වැනිදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ,කොරෝනා වෛරසය එහි සේවකයන්ට වැලඳීම වළක්වා ගැනීමේ අරමුණෙනි.

තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු පෙබරවාරි 10 සිට මෙහෙයුම් පිළිබඳ වැඩිදුර තීරණයක් ගන්නා බවයි විද්ව්ස් මාධ්‍ය පවසන්නේ.

ටොයොටා සමාගමේ මේ තීරණයත් සමග චීනය සමග ව්‍යාපාර කටයුතු සීමා කර ඇති සමාගම් ලැයිස්තුවට තවත් එකක් එක්ව තිබෙනවා.

මැක්ඩොනල්ඩ් හා ඩිස්නි පසුගිය සතියේ චීනයේ වසා දැමූ පළමු සමාගම වූ අතර මැරියට්, හයිට් හා හිල්ටන් ඇතුළු ප්‍රධාන පෙලේ හෝටල් කිහිපයක් ද හුබෙයි පළාත තුළ මෙහෙයුම් කටයුතු නවතා තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad