කොරෝනා මරණ ප‍්‍රතිශතය 1%ටත් අඩුයි.. එය මැඩලනවා.. බියවන්න එපා - චීනය ලෝකයටම කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 29, 2020

කොරෝනා මරණ ප‍්‍රතිශතය 1%ටත් අඩුයි.. එය මැඩලනවා.. බියවන්න එපා - චීනය ලෝකයටම කියයි

චීනයේ පැතිර යමින් ඇති කොරෝනා වෛරසය මරණීය අවදානම අඩු ගණයේ එකක් බව චීන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත.

මේ වන විට වාර්තා වී ඇති වෛරස ආසාදන වූ පිරිසෙන් මියගොස් ඇත්තේ සියයට තුනක තරම් ප්‍රතිශතයක් බව 3% කට වඩා අඩු ප්‍රතිශතයක් බව ඔවුන් සඳහන් කරයි. වාර්තා නොවු වෛරස් ආසාදිත පිරිස් සමග ගත් විට මෙම ප‍්‍රතිශතය 1%ටද වඩා අඩු බව චීනයේ අදහසයි.

මෙසේ මියගොස් ඇති පිරිස වැඩි ප්‍රමාණයක් වැඩිහිටි පුද්ගලයන් සහ ප්‍රතිශක්තිකරණය අඩු වූ පුද්ගලයන් බවද වෛරසය පාලනය කිරීමට සියලු කටයුතු කරමින් ඇති බවත් චීන සෞඛ්‍ය බලධාරීන් කියයි.

අද වනවිට චීන කොරෝනා වෛරසයෙන් නිසා මිය ගිය සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම වෛරසය ආසාදනය වූ ප්‍රමාණය 7711 ක් දක්වා ඉහළ ගොස් ඇත.

චීනයේ පළාත් 31කින් මෙම වෛරස් ආසාධිතයන් වාර්තා වී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad