එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඔහු විසින් ඊයේ රාත්‍රියේ තම හිතවත් මන්ත‍්‍රීන් හා හිතවතුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී මේ බව දැනුම් දී ඇත.
මේ අතර එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 31 වැනි දින නිල කාලය අහෝසි වී ඇති අතර ඒ පක්ෂ නායකයාට නව සාමාජිකයන් පත් කිරීම සඳහා පූර්ණ බලය ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙ.
No comments:
Post a Comment