දිවයින පුරා පවතින සම්පත් බැංකු ATM යන්ත්‍ර වලින් මුදල් සහ පාරිභෝගික දත්ත සොරකම් කිරීමට වැඩි ඉඩකඩක් සහිත ආරක්ෂක දෝශයක් පවතින බව හෙළි කළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා ගෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් කටඋත්තරයක් ලබාගෙන තිබේ.
ඒ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් අසත්‍ය තොරතුරු පතුරුවන බවට සම්පත් බැංකුව විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවය.
කෙසේවුවද, කටඋත්තරය සටහන්කරගත් පොලිස් නිලධාරියාට තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුමක් නොවීම හේතුවෙන් යසිරුව අදාළ කටඋත්තරය ලබාදීමේදී දැඩි අපහසුතාවයට ලක්වූ බවද මේ අතර වාර්තා වේ.
සම්පත් බැංකුව වෙනුවෙන් නීතීඥයින් විශාල පිරිසක් පොලිසියට පැමිණ සිටි බවද වාර්තා වේ.
මේ අතර, අදාළ හෙළිදරව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ඡාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මහබැංකු අධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සිදුකර ඇති හෙළිදරව්ව සත්‍යයක් නම් ඉන් විශාල පාරිභෝගිකයින් සංඛ්‍යාවක් පීඩාවට පත්වන බැවින් හා ඔවුන්ගේ මුදල් හා දත්ත අනාරක්ෂිත වන බැවින් ඒ පිළිබදව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, මේ පිළිබදව සම්පත් බැංකුවේ පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉතාමත් ඉක්මනින් ආරම්භ කිරීමට සිය සංවිධානය කටයුතු කරන බවත් එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
අදාළ ලිපිය පහත දැක්වේ.
Saturday, February 29, 2020

සම්පත් බැංකුව ගැන මහ බැංකුවට පැමිණිල්ලක්: යසිරුව පොලිසි ගෙනියයි
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment