චන්ද්‍රිකාද පොහොට්ටු සන්ධානයට එක්කර ගන්න සූදානම්… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 29, 2020

චන්ද්‍රිකාද පොහොට්ටු සන්ධානයට එක්කර ගන්න සූදානම්…

නව පක්‍ෂයක් ආරම්භ කරන්නේ නම් ශ‍්‍රීලනිප සාමාජිකත්වය හැරගියා සේ සලකන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වෙත ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් දන්වා ඇත.

වෙල්ගම මහතා අලුත් පක්‍ෂයක් ආරම්භ කරන්නේ යයි වාර්තා වීම හේතුවෙන් මෙම සිහිපත් කිරීම කල බව ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

වෙල්ගම මහතා කියන ආකාරයට ශ‍්‍රීලනිප කිසිවෙකු කලකිරීමෙන් නැති බවත් නව සන්ධානයට සියලු දෙනා එක්ව සිටින බවත් ඔහු සදහන් කලේය.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද නව සන්ධානයට ඉදිරියේදී එක්කර ගැනීමට සූදානම් බවද ඔහු තව දුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad