කොරෝනා බවට සැකපිට ඉතාලියේ සිට පැමිණි ලාංකිකයින් දෙදෙනෙක් IDH රෝහලට - විගස පුවත් - Vigasapuwath

Friday, February 28, 2020

කොරෝනා බවට සැකපිට ඉතාලියේ සිට පැමිණි ලාංකිකයින් දෙදෙනෙක් IDH රෝහලට

ව කොරෝනා වෛරසය ආසාධිතවූ බවට සැක කෙරෙන ලාංකිකයින් දෙදෙනක් අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුලත් කර තිබෙනවා. IDH රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක සඳහන් කලේ මෙම පුද්ගලයින් දෙදෙනා ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.
මේ වන විට එම පුද්ගලයින් දෙදෙනාගේ සාම්පල් බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට යවා ඇති බවයි IDH රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක සඳහන් කලේ.

මෙම පුද්ගලයින් දෙදෙනාට උණ සහ කැස්ස රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *