වත්මන් නගරාධිපතිවරයා බලයට පත්වීමත් සමගම මේ සුඛෝපභෝගී මන්දිරය ඉදි කිරීම සදහා වූ කතා බහ ඇතිවී ඒ සම්බන්ධයෙන් නගර සභාවට යෝජනා ඉදිරිපත් විය.
ඒ යෝජනාව සදහා අනුමැතිය නොලැබිම නිසා ඒ මන්දිරයේ ඉදි කිරීම් කටයුතු ආරම්භ නොකල නමුත් පසුගිය රජය සමයේ අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා යාපනයට පැමිණි අවස්ථාවක නගරාධිපතිවරයා ඉතා සූක්ෂමව ඒ සදහා අවසරය ලබා ගත්තේය.
නගර සභාවට යෝජනාව ඉදිරිපත් කල අවස්ථාවේදී ඊට විරෝධය පලකල පිරිස නිහඩ වූයේ කාරණා දෙකක් නිසාය.ඉන් එකක් වූයේ එම ඉදිකිරීම සදහා මුදල් නගර සභාවෙන් වියදම් නොවන බවට ප්‍රකාශයක් නිකුත් වීමය.
දෙවැන්න වූයේ අධි තාක්ෂණ පහසුකම් වලින් යුත් සම්ප්‍රේෂණ කුලුණක් යාපනයේ නොමැති නිසා එය ඉදිකිරීම සදහා ඉතාම යෝග්‍ය වන්නේ මහල් තුනකින් යුත් උස් ගොඩනැගිල්ලක් ඉදිවීම බව කියවීමයි.
ඒ අනුව මේ සුඛෝපභෝගී මන්දිරය ඉදිකිරීම සදහා නගර සභාවේද අනුමැතිය පසුකාලයේදී ලැබුණු අතර මේ වන විට එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ වී තිබේ.
යාපනයේ කෝපායී ප්‍රදේශයේ ඉදිවන මේ අතිසුඛෝපභෝගී මන්දිරය සදහා යාපනය මහ නගර සභාවේද මුදල් වැය වන බව මේ වන විට හෙළි වී තිබේ.
යාපනයේ ස්වේච්ඡා සංවිධාන කියා සිටින්නේ වත්මන් නගරාධිපතිවරයා බලයට පත්වී වසර තුනක් ඇතුළත බදු අයකිරීම් අවස්ථා තුනකදී වැඩි වූ බවයි.
මේ තත්ත්වය නිසා යාපනය නගර සභාවේ බදු අයකිරීමේ ප්‍රතිශතය ගත වූ වසර තුනේදී සියයට එකසිය පණහකින් වැඩි වූ බව පවසන යාපනයේ වැසියෝ මහා මාර්ගයේ ගාල් කරණ වාහනයක් සදහා අය කරණ ගාස්තුවද රුපියල් පණහක් දක්වා ඉහල දමා ඇති බව සදහන් කරයි.
යාපනය නගරාධිපතිවරයා බලයට පත් වූයේ දෙමළ ජාතික සන්ධානය හරහා පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමෙන් වූවත් මේ වන විට නගරාධිපතිවරයා වෙනත් දේශපාලන පක්ෂ වල අයගෙන් නීත්‍යානුකූල නොවන අන්දමට මුදල් ලබා ගෙන මේ මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සදහා මුදල් යොදවන බවද යාපනයේ ජනතාව කියා සිටිති.
මීට අමතරව යාපනයට 5-G තාක්ෂණය ලබාදීම සදහා දුරකතන සමාගම් කීපයක් උත්සහ කල අවස්ථාවේදී ඊට යාපනයේ ජනතාව හා සිවිල් සංවිධාන විරුද්ධ වූ අවස්ථාවේදී නගරාධිපතිවරයා මැදිහත් වී ඔවුන්ට ඒ සදහා අවසර ලබා දෙන ලද්දේද මේ සුඛෝපභෝගී මන්දිරය සදහා මුදල් සපයා ගැනීමේ අරමුණින් බව යාපනයේ ස්වේච්ඡා සංවිධාන නායකයෝ කියා සිටිති.
යාපනය මහ නගර සභාවෙන් රුපියල් කෝටි එකසිය විස්සක් වැනි විශාල මුදලක් ලබා ගැනීම අපහසු නිසා නගරාධිපතිවරයා විවිධ උපක්‍රම යොදමින් නීත්‍යානුකූල නොවන ආකාරයට මුදල් උපයා ගන්නා බවට එල්ලවන චෝදනා මේ දිනවල වැඩි වී තිබේ.
රසාදි චතුරංගි ගමගේ

No comments:
Post a Comment