සජිත් බලවේගයට තවත් මරාලක්.. එජාපය අලියා ලකුණින් නාමයෝජනා කැදවයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 2, 2020

සජිත් බලවේගයට තවත් මරාලක්.. එජාපය අලියා ලකුණින් නාමයෝජනා කැදවයි !

දිරි පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වදින්නන් සඳහා නාමයෝජනා අයදුම්පත් කැඳවීමට එම පක්ෂය තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙසේ නාමයෝජනා කැඳවීමට කටයුතු කරමින් සිටී.
තවත් සති දෙකක කාලයක් ඇතුළත නාමයෝජනා භාරදී අවසන් කළ යුතුව ඇති නිසා ඉතා ඉක්මනින් මෙම කටයුතු පැවැත්වීමට ඔවුන් තීරණය කර තිබේ.

ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

මේ අතර වාර්තා වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ අලියා ලකුණින් තරග කිරීමට නාම යෝජනා ලබාදීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත අලියා ලකුණින් මහමැතිවරණයට කිරීමට අවස්ථාව ලබාදීමට ද තීරණය කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad