රූපවාහිනියේ සේවක පඩි ගෙවන්න සල්ලි නෑ.. මිලියන 48ක් භාණ්ඩාගාරයෙන් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 2, 2020

රූපවාහිනියේ සේවක පඩි ගෙවන්න සල්ලි නෑ.. මිලියන 48ක් භාණ්ඩාගාරයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවය කරන සේවකයන්ට මාසික වැටුප් ගෙවීම සඳහා මාස් පතා රුපියල් මිලියන 48ක මුදලක් ලබා දෙන ලෙස භාණ්ඩාගාරයෙන් ඉල්ලීම් කර ඇත.

විෂය භාර ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසිනි කැබිනට් මණ්ඩලය මේ සඳහා සංදේශයක් ද ඉදිරිපත් කර තිබේ.
රූපවාහිනි සංස්ථාව මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින ඇති බවත් රජයේ වැඩසටහන් ප්‍රචාරය කිරීම සඳහා නොමිලයේ ලබාදෙන ගුවන් කාලයේ වටිනාකම සලකා මෙම මුදල ලබා දෙන ලෙසද අමාත්‍යවරයා සිය සන්දේශයෙන් ඉල්ලා ඇත.

මේ වන විට රූපවාහිනි සංස්ථාවේ සේවකයන් 930ක් පමණ සේවය කරන අතර ඔවුන්ට වැටුප් සඳහා මාසිකව මිලියන 48 ක පමණක් මුදලක් වැය වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad