ඇතුළුවීම පිටවීම තහනම් : බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 27, 2020

ඇතුළුවීම පිටවීම තහනම් : බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි

බණ්ඩාරගම අටළුගම ගම්මානය අද පස්වරුවේ සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.

මෙම ගම්මානයෙන් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබියදී ඔහු එම ගම්මානයේ නිවාස රැසකට ගොස් තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

අදාළ පුද්ගලයාට කොරෝනා ආසාදනය වී යයි දැන ගැනීමෙන් පසු ඔහු රෝහල්ගත කර තිබේ.
නිවාස 26ක දෙසීයක පමණ පිරිසක් මෙම ගම්මනායේ ජීවත් වන අතර ඔවුන් සියළු දෙනා තම නිවාස තුලම නිරෝධායනයට ලක් කර ඇත.

ගම්මානයට පිටතින් කිසිවකුට ඇතුළුවීමට වූ ගම්මානයෙන් පිටවීමට කිසිවකුට අවසර නැත.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව ආරක්ෂක අංශ කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad