ජලසම්පාදන මණ්ඩලය කළුතරටම ලුණු වතුර බෙදා බිලුත් එවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 2, 2020

ජලසම්පාදන මණ්ඩලය කළුතරටම ලුණු වතුර බෙදා බිලුත් එවයි

කලුතර පානීය ජල ගැටලුව අර්බුදයක් දක්වා උත්සන්න වී ඇත.  පෙබරවාරි 26 දින දියට හඬන කලුතර සංවිධානය මගින් උද්ඝෝෂණයකද නිරත වි ඇත .මේ අතර මේ ගැටලුව විසදෙනතුරු ජල බිල්පත් ජනතාවගෙන් අය නොකරගන්නා ලෙස එම ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ජල සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලා ඇත.  නමුත්  එදින සිට අද දක්වා ප්‍රදේශයේ ජනතාවට ජල බිල්පත නිවසට නිවැරදි දිනම ලැබෙමින් පවතින බව වාර්තා වේ .
ජලසම්පාදන මණ්ඩලය තව දුරටත් නළ මාර්ගය තුලින් ජනතාවට ලුණු මිශ්‍ර ජලය බෙදමින් පවතින අතර මන්ත්‍රීවරුන් විසින් යෝජනා කරන ලද යෝජනාව මේ වනතුරුද ක්‍රියාත්මක  නොකර ඇත. ජලසම්පාදන මණ්ඩලය ජනතාව මේ අවස්තාවෙ මුහුණ දී ඇති ගැටලුව සඳහා කිසිදු පියවරක් නොගෙන මුනිවත රකින බවද වාර්තාවෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad