රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 100,000 කට රැකියා ලබා දීමේ ආන්ඩුවේ වැඩපිළිවෙල යටතේ පවත්වන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හමුදා නිලධාරීන් ද සහභාගි වන බව වාර්තා වේ. මෙම සම්මුඛ පරීක්ෂන පවත්වනු ලබන්නේ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දී ය.
පසුගිය සතියෙහි උතුරුකරයෙහි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක පැවැති සම්මුඛ පරීක්ෂණ කිරීම සඳහා මෙලෙස හමුදා නිලධාරීන් ද පැමිණ සිටියේ ය. රැකියා අපේක්ෂාවෙන් පැමිණි පිරිස් මේ නිසා කලබලයට පත් විය.
තව ද එකී හමුදා නිලධාරීන් අපේක්ෂකයින්ගේ වෙනම ලිපිගොනුවක් පවත්වා ගන්නා බව ද දක්නට ලැබී තිබේ. ඉන් අදහස් වූයේ අපේක්ෂකයින්ගේ රැකියා ඉල්ලුම් පත්‍ර සහ අනෙකුත් ලිපි කල්තබාම මෙම යුද හමුදා නිලධාරීන් අතට පත් වී තිබූ බවයි.
පවුල් පසුබිම නිරීක්ෂනයට හමුදාව නිවෙස්වලටම !
හමුදා නිලධාරීන් අපේක්ෂකයින්ගේ වෙනම ලිපිගොනු තබා ගන්නේ මන්දැයි ඇසූ විට, අපේක්ෂකයින්ගෙන් බහුතරයක් දරිද්‍රතා පසුබිමට අයත් යැයි කියා සිටින හෙයින්, හමුදා නිලධාරීන් ඔවුන්ගේ පවුල් තත්ත්වය සහ අධ්‍යාපන සුදුසුකම් තහවුරු කර ගැනීම සඳහා නිවාසවලට පැමිණෙන බව පවසා තිබේ. ඉන් අදහස් වන්නේ යුද හමුදා පිරිස් මෙම අපේෂකයින් පිළිබඳ වෙනම විමර්ශණයක් කරන බවය.
දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වල සාමාජිකයින්ට මෙම පත්වීම් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බව ආන්ඩුව නිවේදනය කර තිබේ.
යාපනයේ අයදුම්කරුවන් 37,400 විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සමස්තයක් ලෙස රැකියා සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවලිය සහ එහිලා හමුදාවේ කාර්යභාරය පිළිබඳව කිසිදු අවබෝධයක් නොතිබුණි. සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි අපේක්ෂකයෙක් අසා සිටියේෙ දුප්පත් පවුල් පසුබිම සහතික කරමින් ඔහුගේ ග්‍රාම සේවක දුන් ලිපියෙන් වැඩක් නොවේ ද යන්නයි.
රුපියල් 20,000 ක මාසික දීමනාවක් !
රැකියා සදහා තෝරාගන්නා අයට වසරක පුහුණු කාලය තුළ ලැබෙන්නේ රුපියල් 20,000 ක මාසික දීමනාවක් පමණි. ඉන් අනතුරුව ලබා දෙන දීමනාව ගැන කිසිදු අදහසක් තවම ප්‍රසිද්ධ කර නැත.
මෙම දිස්ත්‍රික් පදනමින් දෙන පත්වීම් ලැබීමෙන් අනතුරුව පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර පහක් සේවය කිරීම අනිවාර්ය කොන්දේසියක් වශයෙන් ඉදිරිපත්කර තිබේ.
යුද හමුදා නිලධාරීන් මෙළෙස සිවිල් සේවාවන්හි යෙදවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරගෙන යන දැවැන්ත යුදකරණ ව්‍යාපෘතියක තවත් පියවරක් බව බොහෝ දෙනෙකු අදහස් කරති.
(srilankabrief.org : සන්ඩේ ටයිම්ස් පුවතක කරැණු ඇසුරිණි)
ගෝඨාභයගේ මිලිටරීකරණයට වික්‍රමබාහු ගෙන් විරෝධයක් !
ජනාධිපතිවරයා විසින් මේ අකාරයෙන් රට වේගයෙන් මිලිටරීකරණය කිරීමට විරුද්ධව ෆැසිස්ට්වාදයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ පෙරමුණක් හැදිය යුතුයැයි නව සමසමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි.
මිලිටරීකරණයට එරෙහිව පළමුවෙන් පෙරට ආ දේශපාලන නායක ආචාර්ය බාහුගේ ප්‍රකාශය සහිත වීඩියෝව පහතින්
වීඩියෝව පහතින්
Sunday, March 1, 2020

උපාධිධාරීන්ට රැකියා දීම තීරණය කිරීමත් හමුදාවට ! (VIDEO)
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment