"මම බය නැහැ ඇත්ත කියන්න-ට්‍රම්ප් කියන්නේ බොරු...අපිට කොරෝනා රෝගීන් බේරගන්න පහසුකම් නැහැ" - ඇමෙරිකාවේ වෛද්‍යවරියක් සියල්ල හෙළිකරයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 27, 2020

"මම බය නැහැ ඇත්ත කියන්න-ට්‍රම්ප් කියන්නේ බොරු...අපිට කොරෝනා රෝගීන් බේරගන්න පහසුකම් නැහැ" - ඇමෙරිකාවේ වෛද්‍යවරියක් සියල්ල හෙළිකරයි - (video)

නිව්යෝර්ක් නුවර එල්ම්හර්ස්ට් රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍ය කොලින් ස්මිත් නම් වෛද්‍යවරිය ඇමෙරිකාව මේ වනවිට මුහුණදී ඇති දරුණු තත්ත්වය පිළිබඳව වීඩියෝවක් මගින් විස්තර කර තිබෙනවා. ඇය වීඩියෝව පෙන්නමින් එම කාමරය තුළ සිටින සියලුදෙනාම කොරෝනා වෛරස ආසාදිතයින් බවට පවසන අතර  අද වන විට තත්ත්වය ඉතා භයානක බවත් විස්තර කර දෙනවා.
මේ අතර ඔවුස්න් විසින්  මෘතදේහ ගබඩා කරන්න විශාල අධීශීතකරණ ට්‍රක් රථයක් ගෙන්වා ගත් බවත් පවසනවා.

''ඇමෙරිකානු ජනාධ්පති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සියලුම නායකයින්, නිලධාරීන්, සෞඛ්‍ය හා රෝහල් ප්‍රධානීන් කියන්නේ හැමදේම හොඳින් සිදුවෙනවා කියලා. නමුත් අපේ පැත්තෙන් හොඳ නැහැ. මගේ රෝගීන් වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය පහසුකම් කිසිවක් නැහැ. මේ අමෙරිකාව අපි පළමු ලෝකයේ රටක්'' බව පවසන ඇය ඉතා සංවේදීව කතා කරනවා. මේ අතර සාමාන්‍ය දිනයකදී හදිසි අංශයට පැමිණෙන පිරිස ඉතා ඉහළ බවත් දිනකට පුද්ගලයින් 200 ක්න වන සංඛ්‍යාව මේ වනවිට 400 හෝ ඊට වැඩි වී ඇති බවට පවසනවා.

''මම අද උදෑසන N95වර්ගයේ මුඛ ආවරණයක් පැලඳුවා. අද පැලඳූ ඒ මුඛ ආවරණය තමයි පසුගිය සිකුරාදා දිනයේදීත් මම පැලඳුවේ. හැමදෙනාම කියන්නේ හැමදෙයක්ම හරි යයි කියලා නමුත් මෙය මාසයක්, දෙකක්, තුනක් හෝ පහක් පැවැතුණොත් හරියට චීනයේ වගේ අපිට අවශ්‍ය කිසිම දෙයක් අපිට නැහැ'' ඇය තවදුරටත් සංවේදී වෙමින් මාධ්‍ය ඇමතුවේ එලෙසින්.

''මට මේ ගැන මාධ්‍යයට කතා කරලා ප්‍රශ්නයක් වුණත් ඒ ගැන ප්‍රශ්නයක් නැති බවත් මට ජනතාවට කියන්න ඕන මෙය ඉතා නරක තත්ත්වයක්, මිනිස්සු මැරෙනවා."'යැයිද ඇය පවසනවා.

මේ අතර, අමෙරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාලය සිදුකරනු ලැබු දත්ත විශ්ලේෂණයක් මඟින්, වෛරසය වසංගතයෙන් එක්සත් ජනපදයේ පුද්ගලයන් 81,000 කට වැඩි පිරිසක් ඉදිරි මාස හතර තුළ මිය යා හැකි බවට ආන්දෝලනාත්මක අනාවරණයක්ද සිදුකර තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad