තහවුරු වූ කොරෝනා රෝගීන්ගේ සබදතා 42,000ක් රට පුරා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 5, 2020

තහවුරු වූ කොරෝනා රෝගීන්ගේ සබදතා 42,000ක් රට පුරා.



මෙරට හමු මේ වනවිටත් තහවුරු කරගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය සමඟ ගැටුණු 42,000ක පමණ පිරිසක් රට පුරා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා එම පිරිස වහාම කොරෝනා පරීක්ෂණයට භාජනය කළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයාට දැනුම් දුන් බව බව එම සංගමයේ උප ලේකම් නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද පැවසූ ඔහු තවදුරටත් බලා සිටින්නේ පරික්ෂා කලයුතු සංඛ්‍යාව ලක්ෂයක් දක්වා ඉහළ යන තුරුදැයි ප්‍රශ්න කළේය.

දැනට මේ සඳහා සිදුකරන පරීක්ෂණ ක්‍රමවේදය දීර්ඝ වේලාවක් යන එකක් බවත් ඒ වෙනුවට වෙනත් පරීක්ෂණ ක්‍රමවේදයක් යෝජනා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad