කොරෝනා නිසා ලංකාවේ දුප්පත්කම 43%කින් වැඩිවෙනවා.. ආර්ථිකය 3%කින් කඩා වැටෙනවා - ලෝක බැංකුව - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 22, 2020

කොරෝනා නිසා ලංකාවේ දුප්පත්කම 43%කින් වැඩිවෙනවා.. ආර්ථිකය 3%කින් කඩා වැටෙනවා - ලෝක බැංකුව

කොරෝනා වසංගතය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අර්බුදයක ලක්වීම නිසා මෙම වසර අවසන් වනවිට මෙරට තුළ දුගීභාවය 43.9%කින් ඉහළ යනු ඇති බව ලෝක බැංකුව සඳහන් කරයි.

එමෙන්ම මෙම වසරේ දී ආර්ථිකය 3%කින් පහළට ගමන් කරනු ඇති බවද ලෝක බැංකුව පුරෝකථනය කරයි.

එම තත්වය මත මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් දැඩි අරගලයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද ලෝක බැංකුවේ අදහසයි.

එමෙන්ම කොරෝනා පාලනය කිරීම සඳහා සඳහා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑමට ගනු ලබන පියවර නිසා ද ආර්ථිකය වෙත ඍජු බලපෑමක් එල්ලවනු ඇති බව ද ලෝක බැංකුව කියා සිටියි.

තවදුරටත් සංචාරක සීමා දීර්ඝ කිරීම නිසා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටෙනු ඇති බවද ලෝක බැංකුව පුරෝකථනය කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad