කොරෝනා අධිවසංගත තත්වයක් ආසන්නයේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 5, 2020

කොරෝනා අධිවසංගත තත්වයක් ආසන්නයේ !

කොරෝනා ආසාධිතයන් වෙන් නොකර සමාජය තුළ නිදහසේ ගැවසීමට ඉඩ හැරීම හේතුවෙන් මෙරට තුල කොරෝනා අධි වසංගත තත්ත්වයක් කඩිනමින් ඇති වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කරන්නේ කොරෝනා වෛරස් ආසාධිතයන් හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පරීක්ෂණ පහසුකම් කඩිනමින් පුළුල් කළ යුතු බවයි.
තවත් පමා නොවී ආසාදනයන් ව්‍යාප්තවීම පාලනය සඳහා රෝගීන් හැකිතාක් ප්‍රමාණයක් හඳුනාගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බවද ඔහු සඳහන් කළේය.

මුල් වටයේදී රෝගීන් යයි හෙළි නොවන සියලු දෙනා නැවතත් නිශ්චිත කාලයකදී පරීක්ෂණයට භාජනය කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad