අවදානම් දිස්ත්‍රික්ක 05 හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට - අද ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන හැටි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 5, 2020

අවදානම් දිස්ත්‍රික්ක 05 හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට - අද ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන හැටි

කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ සලකා බලන විට ඉහළ අවදානමක් පවතින කලාප ලෙසට හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වලට හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද (06) උදෑසන 6.00ට තාවකාලිකව ඉවත් කෙරුණා.

යළිත් එම දිස්ත්‍රික්කවලට අද (06) දහවල් 2ට ඇඳිරි නීතිය පනවනු ලබනවා.

කෙසේ වෙතත් කොළඹ,ගම්පහ, කළුතර, පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තෙක් බලාත්මකයි.

අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

මේ අතර අද (06) දිනයේ සිට සිකුරාදා (10) දක්වා සතියේ වැඩ කරන දින, රාජ්‍ය පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පසුගිය සතිය ද නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙසටයි නම්කර තිබුනේ.


No comments:

Post a Comment

Post Bottom Ad