'ආන්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමෙන්තුව කැදවු පළමු දිනම ඉදිරිපත් කරනවා.'- හිටපු පා.ම එම්.ඒ. සුමන්තිරන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 22, 2020

'ආන්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමෙන්තුව කැදවු පළමු දිනම ඉදිරිපත් කරනවා.'- හිටපු පා.ම එම්.ඒ. සුමන්තිරන්


පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය දැන් අවලංගු වී ඇති බව දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කරයි.

ඒ අනුව පැවති පාර්ලිමේන්තුව යළි ක්‍රියාත්මක කළ හැකි බවත් ජනාධිපතිවරයා විසින් එය රැස් නොකළද පාර්ලිමේන්තුවට රැස් විය හැකි යැයි ද ඔහු පැවසීය.

තවද වර්ථමාන අගමැතිවරයා ප්‍රමුඛ රජය කොවිඩි 19 වසංගතය මැඩලීමට අසමත් නිසා ආන්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්  පාර්ලිමෙන්තුව කැදවු පළමු දිනම ඉදිරිපත් කර ආන්ඩුව බලයෙන් පහ කොට නව අගමැතිවරයෙක් යටතේ එජාපෙ නව රජයක් බිහිකිරිමට දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදෙන බව මන්ත්‍රිවරයා පැවසීය.

හෙතෙම මෙ බව සදහන් කලේ යාපනය පක්ශ මුලස්ථානයේ කැදවා තිබු මාධ්‍ය හමුවක් අමතමිනි.
-සුරේශ් සිවකුමාර්.
උපුටාගැනිම - ලංකාලෝඛය.(fb)

No comments:

Post a Comment

Post Bottom Ad