'නිරෝධායනයෙන් කොරෝනා මර්දනය කරන්න බෑ,හමුදාවට මේක කරන්න බෑ'.- රාජිත - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 22, 2020

'නිරෝධායනයෙන් කොරෝනා මර්දනය කරන්න බෑ,හමුදාවට මේක කරන්න බෑ'.- රාජිත

කොරෝනා වෛරස පාලනය හමුදාව යොදවා කළ හැකි දෙයක් නොවන බව හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

නිරෝධායනය කළා යැයි කියා වසංගතය අවසන් නොවන බවත් වසංගතය පාලනය තනිකරම කළ යුත්තේ සෞඛ්‍ය අංශ විසින් බව ඔහුගේ අදහසයි.

ශ්‍රී ලංකාව කොරෝනා පරීක්ෂණ කර ඇත්තේ අවම ප්‍රමාණයක් බවත් ඒ අතින් ශ්‍රී ලංකාව සමාන වන්නේ ඉතියෝපියාව, උගන්ඩාව වැනි රටවල් සමග යයිද ඔහු පැවසීය.

දැනට පනවා ඇති සීමාවන් ඉවත් කළහොත් මීළඟට මරණීය වසන්ගත තත්ත්වයක් මෙරට තුළ ඇතිවන බව විශේෂඥයන් විසින් අනතුරු අඟවා ඇති බවද හිටපු ඇමැතිවරයා සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad