රඹුක්කන කඩිගමුව කැබැල්ලවත්ත ප‍්‍රදේශයේදි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට ඊයේ 04 පස්වරුවේ තියුණු ආයුධයකින් ( පිහියකින්) ඇණිමේ සිද්ධියක් රඹුක්කන පොලිසියට වාර්තා විය.
කඩිගමුව වසමේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට සිදු කර ඇති පිහි ඇණුමෙන් ඔහුගේ එක් පාදයකට සුළු තුවාල සිදු වි ඇති බව පොලිසිය පවසයි. තුවාල ලැබු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මේ වන විට රඹුක්කන රෝහලේ ප‍්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.
සිද්ධිය සිදු වි ඇත්තේ එම වසමේ නිරෝධායනය ලක් වි ඇති නිවසකට ජලය නොමැති බව එම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දැනුවත් කිරිමෙන් පසුව එම නිවසට ජල බවුසරයක් ගෙනවිත් ජලය ලබා දිමෙන් අනතුරුව බවුසරයේ ඇති ඉතිරි ජලය අසල්වාසි ජලය නොමැති නිවෙස් වලට එතුමාගේ ඉල්ලිමකට අනුව ලබා දි ඇත.
එහිදි කඩිගමුව වසමේ මෙම මහජන පරික්ෂකවරයා එම ප‍්‍රදේශයේ තවත් නිවසකට ජලය ලබා ගන්නැයි එම නිවසට ගොස් පවසද්දි ඔහුට කිසිදු හේතුවක් නොමැතිව දිගෙන් දිගටම බැන වැදිම නිසා ඒ සම්බන්දයෙන් රඹුක්කන පොලිසියද දුරකථන මාර්ගයෙන් එම මොහොතේ දැනුවත් කර ඇති අතර එම අවස්ථාවේ මෙම තියුණු ආයුධයකින් පහර දිම සිදු කර ඇති බව වාර්තා වන බව අප කරන ලද විමසිමකදි කෑගල්ල දිස්ත‍්‍රික් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික‍්‍රමසිංහ මහතා පැවසිය.
කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ අදාල නිවස ඉදිරිපිට බැරලයක් තිබි ඇති බවත් එම බැරලයට ජලය පුරවා ගන්නයැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසු පසුව එය පරික්ෂා කිරිමේදි එහි නිතීවිරෝධි ගෝඩා අඩංගු බැරලයක් නිසා එම සිද්ධිය පොලිසිය වෙත පවසනු ඇතැයි සිතා මෙලෙස පිහි පහර සිදු කිරිමට ඇති බවද කියයි.
කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට පිහි ඇණුම සිදු කරන ලද සැකකරු ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිමට මේ වන විට කටයුතු සිදු කරමින් පවතින බවත් තුවාල ලැබු කඩිගමුව වසමේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා රඹුක්කන රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් කකුලට අමතරව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ වෙනත් ප‍්‍රදේශවලද සිරිම් තුවාල ඇති බවත් එය බරපතල තත්වයේ නොවන බවද රෝහල් ආරච්චි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් වැඩි දුර පරික්ෂණ සිදු කරයි.
– කෑගල්ල සමන් විජය බණ්ඩාර
Saturday, April 4, 2020
Home
ප්රවෘත්ති
කොරෝනා මෙහෙයුම් වලට ගිය PHIට 15 හැවිරිදි දරුවෙකුගෙන් පිහි පහරක් - සැඟවී සිටින දරුවා සොයා මෙහෙයුම්
කොරෝනා මෙහෙයුම් වලට ගිය PHIට 15 හැවිරිදි දරුවෙකුගෙන් පිහි පහරක් - සැඟවී සිටින දරුවා සොයා මෙහෙයුම්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment