කොරෝනා නැතැයි සහතික දී මෙරටට එවූ 19කට කොරෝනා.. ඩුබායි විසින් ලංකාව රැවටුවාද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 19, 2020

කොරෝනා නැතැයි සහතික දී මෙරටට එවූ 19කට කොරෝනා.. ඩුබායි විසින් ලංකාව රැවටුවාද?

කොරෝනා වෛරසය ආසාදන වී නැති බවට සහතික ලබාගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයන් 19 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව හෙළි වී තිබේ.

කටුනායක ගුවන්තොටුපොළේ දී සිදුකරන පරීක්ෂණවලදී ඔවුන් ආසාදිතයන් යයි හෙලිවී ඇත.

පෙරේදා දිනයේ ඩුබායි සිට මෙරටට ගෙන ආ 290 දෙනාගෙන් 19 දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වූ බව හෙලි වී ඇත.

මෙම 290 දෙනාම එරටදී කොරෝනා පරීක්ෂණ සිදු කර ආසාදිතයන් නොවන බවට පරීක්ෂණවලින් තහවුරු වී තිබීම තිබේ.

මැදපෙරදිග රටවල් විසින් සිතා මතා කොරෝනා ආසාදිත වූ ආසාදිතයන් මෙරටට එවන බවට සැකයක් ඇතැයි රජය පාර්ශවයෙන් පසුගියදා චෝදනා එල්ල විය.


No comments:

Post a Comment

Post Bottom Ad