පරිසර හිතකාමි ලෙස ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමේ විශේෂ උපකරණයක් ගාල්ල උළුවිටිකේ ආචාර්ය රිචඞ් පතිරණ විද්‍යාලයේ හත වසරේ ඉගෙනුම ලබන එන්. වී. ජනන සතිෂ්ක (11* සිසුවා විසින් නිර්මාණය කොට ඇත.
මෙකී විශේෂ උපකරණය ඩෙංගු ප‍්‍රරෝහන උගුල නමින් නම්කොට ඇත. ජනන සතිෂ්ක සිසුවා විසින් කළුපාට වර්ණ ගැන්වූ
රයිස් කුකරයක් යොදාගෙන ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමේ මෙම උගුල නිර්මාණය කොට ඇත. මෙකී උපකරණයට වර්ෂා ජලය හෝ ළිං ජලය දමා එය ගෙවත්තේ තබා තිබියදී බිත්තර දැමීම සඳහා පැමිණෙන ඩෙංගු මදුරුවන් මිය යන ආකාරයට මෙය නිර්මාණය කොට ඇත. මෙකී උදුනට විදුලිය
සැපයීමෙන් පසු දින තුනෙන් තුනට රත්වන අතර එය ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වන අයුරින් නිර්මාණය කොට ඇත. උදුන රත්වීමෙන් ඩෙංගු මදුරුවන්, බිත්තර හා
කීටයන් විනාශවීමට ලක්වන බැව් ජනන සතිෂ්ක සිසුවා අප සමග කිවේය. ජනන සිසුවා විසින් කරණු ලැබු මෙකී නිර්මාණය අගය කිරීමට ලක්කොට හික්කඩුව දිස්ත‍්‍රික් කීට විද්‍යාගාරය මගින්ද සහතිකයක් ලබා දී ඇත.
මෙකි උපකරණය නිර්මාණය කිරීම පිළිබඳ එන්. වී. ජනන සතිෂ්ක (11* සිසුවා අප සමග මෙසේ කිවේය.
ඩෙංගු මදුරුවන් සඳහා අපේ නිවසට දුම් ගහන්න ආවා. දුමායනය කිරීමෙන් පසු හැමදාම ගෙවත්තට ආපු සමන සමනල්ලූ නැතිවුනා. ටැංකියේ හිටපු මාළු පැටව් මියගියා. මා කල්පනා කළා ඇයි මෙහෙම සත්තු මැරෙන්නේ කියලා. ඒ අවස්ථාවේ තමයි මගේ සිතට අදහසක් ආවේ මදුරුවන් මර්දනය කිරීමට නිර්මාණයක් කරන්න ඕන කියලා.
ඊට පස්සේ මගේ හිතට නැගුණු ඒ නිර්මාණය පොතක සටහන් කළා. මේ ගැන තාත්තාට කීවා. පස්සේ තාත්තා මාව හික්කඩුව මදුරු කීට විද්‍යාගාරය වෙත එක්කගෙන ගියා. කීට විද්‍යා ක්ෂේත‍්‍ර නිලධාරි ජයමිනි මිගෙල්හේවා සර්ට මගේ නිර්මාණය ගැන කීවා. මදුරුවන් පිළිබඳ තොරතුරු පිළිබඳ ඔහුගෙන් දැනුම ලබා ගත්තා. මේ වගේ දෙයක් නිර්මාණය කිරීමට හිතපු එක ගැන ජයමිනි සර් මාව අගය කළා. පස්සේ මම ඉවත දමා තිබු රයිස් කුකර් එක්ක අරගත්තා. එහි ඇතුළත කළුපාට වර්ණ ගැන්වුවා. කළුපාට අලේප කළා මදුරුවන්ගේ ආකර්ශනය සඳහා තමයි කළු පාට අලේප කළේ. එයට වර්ෂා හෝ ළිං ජලය දමනවා. රයිස් කුකර් එකට කොයිල් එකක් සවි කළා. එය දවස් තුනෙන් තුනට රත්වන විදියට ගැජ්ට් එකක් හයි කළා. ස්වයංක‍්‍රීයව විදුලිය ලැබෙන අයුරින් තමයි මේක නිර්මාණය කළේ. රත්වීමට මදුරුවා කීටයා පිළවා හරි බිත්තර විනාශ වෙනවා.
මා විසින් කළ නිර්මාණය මදුරු කීට විද්‍යාගාරයේ දී පරීක්ෂා කළා. සාර්ථක නිර්මාණයක් කියලා මදුරු කීට විද්‍යාගාරයෙන් මට සහතිකයක්ද ලබා දුන්නා. රුපියල් 1500ක් වැනි මුදලකින් මේක නිර්මාණය කරන්න පුළුවන්. මේක පරිසර හිතකාමී නිර්මාණයක්. මා පළමු වසරේ සිට මවුන්ටකැල්වරි ජාත්‍යන්තර් පාසලේ ඉගෙනුම ලැබුවා. මෙම (2020* වර්ෂයේ සිට ආචාර්ය රිචඞ් පතිරණ විද්‍යාලයේ හත වසරේ ඉංග‍්‍රිසි මාධ්‍යයෙන් ඉගෙනගන්නා බව සතිෂ්ක සිසුවා කිවේය.
-Divaina news paper.
Tuesday, June 2, 2020

ගාල්ලේ සතිෂ්කගෙන් ඩෙංගු ප‍්‍රරෝහන උගුලක්.
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment