කිලිනොච්චිය මුහමාලෙයි ප්‍රදේශයේදී වැලි ජාවාරම් කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඊයේ (20) දින ඇති වූ ගැටුමකිදී යුද හමුදාවේ වෙඩි තැබීමකිදී එක් අයෙකු මිය ගොස් ඇති බවට පලෙයි පොලීසිය පවසයි.
මුහමාලෙයි වැලි ජාවාරම් කරුවන් පිරිසක් පිළිබඳව තොරතුරක් ලැබී අදාල ප්‍රදේශයේ යුද හමුදා සාමාජිකයින් පිරිසක් විසින් වැටලීම සිදු කොට ඇති අතර එහිදී වැලි ජාවාරම් කරුවන් හා යුද හමුදා සාමාජිකයින් අතර උණුසුම් තත්වයක් හටගෙන ඇත.
පළමුව වැලි ජවාරම් කරුවන් පිරිසක් විසින් යුදහමුදා සාමාජිකයින් යටකර වාහන වලින් පලා යාමට උත්සහ දරා ඇති අතර තවත් ජාවාරම් කරුවන් පිරිසක් විසින් පැමිණි යුදහමුදා සාමාජිකයින්ට පහර දී ගිනි අවි පැහැරගැනීමට උත්සහ දරා ඇති අතර එම අවස්ථාවේදී ආරක්ෂාව වෙනුවෙන් යුදහමුදා සෙබගෙකුගේ ගිනිඅවිය පත්තුවීමෙන් එක් අයෙකුට බරපතල තුවාල වී ඇත.
බරපතල තත්වයේ සිටි තුවාල කරු පලෙයි රෝහලට රැගෙන ගොස් ඇති අතර රොහලේදී තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් ඇති බවට පලෙයි පොලීසිය පැවසීය.
වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ පලෙයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ටී.රාමලිංගම් නැමති තරුණයෙක් වන අතර ඔහුගේ මහෙස්ත්‍රාත් මරණ පරික්ෂණ කටයුතු අද (21) දින සිදු කිරීමට නියමිත බවටද පලෙයි පොලීසිය පැවසීය.
තරුණයාගේ මිය යාමත් සමග ප්‍රදේශවාසීණ් විසින් වෙඩිතැබීමට එරෙහිව ඊයේ (20) සවස පලෙයි රෝහලට පැමිණ උණුසුම් අයුරින් විරෝධය පෑමට ගත් උත්සහයේදී පලෙයි පොලීසිය විසින් තත්වය පාලනය කිරීමටද පියවර ගනු ලැබූ අතර අදාල වෙඩි තැබීමේ සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරන බවට පලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Saturday, June 20, 2020

Home
ප්රවෘත්ති
යුදහමුදාව සහ ජාවාරම් කරුවන් ගැටෙයි.. හමුදා වෙඩි ප්‍රහාරයකින් අයෙකු මරුට… කිලිනොච්චිය උණුසුම්..
යුදහමුදාව සහ ජාවාරම් කරුවන් ගැටෙයි.. හමුදා වෙඩි ප්‍රහාරයකින් අයෙකු මරුට… කිලිනොච්චිය උණුසුම්..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment