කරුණා එසේ කියද්දී තමිලිනී සිය ස්වයංලිඛිත චරිතාපදානයේ මෙසේ කියයි.
"කිසිම මාතාවක් තම දරුවාව වැදූ කුසටද දරුවාව හොවා ඇති මිනීපෙට්ටියටද ගසමින් හඬා වැලපීම නොකළ යුතුය. ආයුධ එසවීම මගින් හෝ එසේත් නොමැතිනම් පලියට පලි ගැනීම මගින් හෝ මගේ සමාජයටවත්, රටටවත් , ලෝකයාටවත් කිසිම යහපතක් කළ නොහැකිය යන්න අපේ අත්දැකීම අපට උගන්වා ඇත."
තියුණු අසිපතක සෙවණ යට -තමිළිනී ජෙයක්කුමාරන්
ආයුධ අතටගෙන සිටි ත්‍රස්තවාදියකු ආයුධ බිම තබා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට පැමිණීම ශිෂ්ඨ සම්පන්න සමාජයක් ආදරයෙන් බාරගතයුතු දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැත.
නමුත් කරුණා අම්මාන් සිය ප්‍රකාශය කරන්නේ ආඩම්බරයෙනි. වීරත්වයෙන් යුතුවය. ඔහු තවමත් ඔහුගේ මිනිමරු ඉතිහාසය ගැන ආඩම්බරයෙන් පසුවෙයි. ඒ ගැන කණගාටුවක් හෝ පසුතැවීමක් නොමැතිව මිනීමරු මතවාදය උත්කර්ෂයට නගමින් සිටියි.
කරුණා අම්මාන් සහ තමිලිනි ජෙයක්කුමාරන් වෙනස්වන්නේ කොතැනින්දැයි තේරුම් ගන්න.
LTTE දේශපාලන අංශ නායිකාව වූ "තමිලනී අක්කා" සිය ඉතිහාසය සහ පූර්ව ක්‍රියාකාරකම් පිළිබඳව පසුතැවෙමින් සිය අඳුරු අත්දැකීම් සමස්ථ සමාජයේම යහපත වෙනුවෙන් යොදාගන්නැයි ආයාචනා කරමින්, සියල්ල අතහැර තමිලිනී ජෙයක්කුමාරන් වන විට විනයාගමූර්ති මුරලිදරන් තවමත් කරුණා අම්මාන්ව අතහැර නැත.
ඒ නිසා අංගුලිමාල සහ කරුණාව සමාන කර තේරුමක් නැති අතර මිනීමරු අංගුලිමාල ආයුධ බිම තිබ්බාට පසු 'කොසොල් රජතුමත් මට බයේ හිටියෙ ඩෝ. 999 ක් මරපු මට ගල් ගහන උන් කජ්ජක්ද' කියා තැන තැන දෙඩෙව්වේ නැත.
චමල් අකලංක පොල්වත්තගේ
-LNW
thamilini book sinhala pdf free download

No comments:
Post a Comment