ඉන්දියාවේ ධීවර කටයුතු සඳහා භාවිත කරන ධීවර යාත‍්‍රාවක් හලාවත ඉරණවිල මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයන් පිරිසක් විසින් ඉරණවිල වෙරළ තීරයට රැුගෙනවිත් තිබේ.
ඉරණවිල වෙරළේ සිට කිලෝමීටර් තුනක පමණ දුරින් පාවෙමින් තිබූ මෙම ධීවර යාත‍්‍රාව ඉරණවිල ප‍්‍රදේශයේ ධීවර කටයුතුවල නියැලෙන ධීවරයන් පිරිසක් ලණු භාවිත කර ඉරණවිල වෙරළට රැුගෙන ඒමට කටයුතු කර ඇත.
මෙම ධීවර යාත‍්‍රාවට එන්ජින් දෙකක් සවි කිරීමට හැකි බවත්, යාත‍්‍රාව හමුවූ අවස්ථාවේ එන්ජින් නොතිබූ බවත් ධීවරයන් පවසති.
අඩි 21 ක් පමණ දිගින් යුත් යාත‍්‍රාව, අඩි 07 ක් පමණ පළලය. යාත‍්‍රාවේ මලයාලම් අක්ෂර සහිත වැකි කීපයක්ද දක්නට තිබෙන අතර හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අමරනන්ද විජේසේකර - මහවැව
-Divaina
No comments:
Post a Comment