කොරෝනා වසංගතය හේතුවෙන් නෝර්වේ බලා යාම ප‍්‍රමාද කර ඇති ඔහු, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට මෙලෙස පැමිණ තිබුණේ යළි නෝර්වේ බලා යාමටයි. ඒ, කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්. කෙසේවෙතත් ඔහුට රටින් පිටව යාමට නොහැකි බවත්, තවදුරටත් ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට පොලීසියට අවශ්‍ය බවත් ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් ප‍්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ඔහු අද අලූයම 2.00 ට පමණ ත‍්‍රස්ත විමර්ශන ඒකකයට යොමු කෙරුණා.
යාපනයේ පදිංචි ආරියගුණරාජා සෙල්වා නමැත්තකු විසින් කන්කසන්තුරේ පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම පියවර ගත් බවටයි වාර්තා වන්නේ.

No comments:
Post a Comment