කොවිඩ් වසංගතය හේතුවෙන් රජය පත්ව ඇති මුල්‍ය අර්බුදයෙන් ගොඩඒම සඳහා රාජ්‍ය නිළධාරීන් මාසික වැටුපෙන් භාගයක් හෝ පරිත්‍යාග කළයුතු බව ප්‍රකාශ කළේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාය. ඒ බව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය සහිතව රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් යවා තිබිණි.
ඊට සමාජයෙන් විරෝධය එල්ලවීමත් සමග බලධාරීන් ප්‍රකාශ කළේ එය රජයේ තීරණයක් නොව ජනාධිපති ලේකම්වරයාගේ පෞද්ගලික තීරණයක් බවයි. එසේම කිසිදු රාජ්‍ය නිළධාරියෙකුට වැටුප පරිත්‍යාග කරන්නැයි බලපෑම් නොකරන බවත් ඕනෑම අයෙකුට සිය කැමැත්ත මත අවශ්‍ය නම් දිනක වැටුප හෝ පරිත්‍යාග කළහැකි බවත් අවධාරණය කෙරිණි.
කෙසේ වෙතත් අවස්ථා ගණනාවකදී වාර්තා වූයේ විවිධ රාජ්‍ය ආයතනවල සේවකයන් දැනුවත් නොකර සහ බලහත්කාරයෙන් දිනක වැටුප කපා ගැනීමට කටයුතු කර ඇති බවයි. නැගෙනහිර පළාතේ ඇතැම් රාජ්‍ය ආයතනවල සේවකයන්ගෙන් එසේ බලහත්කාරයෙන් වැටුප් කපාගෙන ඇති බව ලංකා ගුරු සංගමය ද නිවේදන නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
මේ අතර බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් මෙම වැටුප් කපා ගැනීමට අදාලව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාල සහ රෝහල් කිහිපයක් වෙත පසුගිය 19 වැනි දිනැතිව යවා ඇති ලිපියක සඳහන් වන්නේ දිනක වැටුප පරිත්‍යාග කිරීමට අකමැති සේවකයන්ගෙන් ඒ සඳහා ලිඛිත එකඟතාවයක් ලබා ගන්නා ලෙසයි.
සේවකයන් සිය කැමැත්තෙන් වැටුප් පරිත්‍යාග කරන්නේ නම් ඒ සඳහා රාජකාරි ලිපි යැවීමේ අවශ්‍යතාවයක් නොමැත. එසේම වැටුප් පරිත්‍යාග කිරීමට අකමැති සේවකයන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ හෝ වැටුප් පරිත්‍යාග කිරීමට අකමැති සේවකයන්ගෙන් ලිඛිත එකඟතා ලබා ගැනීමේ හෝ කිසිදු අවශ්‍යතාවයක් නොමැත. මෙය, වැටුප් පරිත්‍යාග කිරීමට අකමැති සේවකයන්ට සිදු කරන අනතුරු ඇඟවීමක් එසේ නැතහොත් බලහත්කාරී ලෙස ඔවුන්ගේ වැටුප ලබාගැනීමට දරන උත්සාහයක් ලෙස සැලකිය හැකිය.
Saturday, June 20, 2020

Home
ප්රවෘත්ති
කැමති නං වැටුප පරිත්‍යාග කරන්න කියන්නෙ මේ විදියටද ? - අකමැති සේවකයන්ට බලපෑම් කරන හැටි !
කැමති නං වැටුප පරිත්‍යාග කරන්න කියන්නෙ මේ විදියටද ? - අකමැති සේවකයන්ට බලපෑම් කරන හැටි !
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment