දිවයින පුරා හෙට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් හෙට(04) දින රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා නිවේදනය කළේ.
ඒ අනුව හෙට රාත්‍රී 10.00 පසු ලබන 06 වන දින අළුයම 04.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව රජය විසින් මීට පෙර දැනුම් දී තිබුණි.
ජුනි 06 වන සෙනසුරාදා සිට යළි දැනුම් දෙන තෙක් සෑම දිනකම රාත්‍රී 10.00 සිට අළුයම 04.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රීයාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
No comments:
Post a Comment