කාදිනල් හිමිගෙන් සමගි ජන බලවේගය සමාව ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 22, 2020

කාදිනල් හිමිගෙන් සමගි ජන බලවේගය සමාව ඉල්ලයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා කාදිනල් හිමිපාණන්ට කළ විවේචනය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය සමාව ඉල්ලා සිටියි.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක වෙමින් තිස්ස අත්තනායක මහතා මේ බව සඳහන් කළා.


හරින් ප්‍රනාන්දු මහතා කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් කල ප්‍රකාශය සමඟ සමගි ජනබලවේගය එකඟ නොවන බවද එමඟින් අගරදගුරු තුමන්ට යම්කිසි සිත් රිදීමක් ඇති වුනානම් ඒ ගැන පක්ෂයක් ලෙස කණගාටු වන බව මෙහිදී තිස්ස අත්තනායක මහතා පැවසීය.

එම ප්‍රකාශය හරින් ප්‍රනාන්දු මහතා පාස්කු දින ප්‍රහරය සම්බන්ධයෙන් කල කතාවේ එක් කොටසක් පමණක් බවත් එවැනි ප්‍රකාශ නොකළ යුතුව තිබු බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියා.



No comments:

Post a Comment

Post Bottom Ad