සජිත් ප්‍රේමදාස මහතා ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවි කරුණානායක සහ ජේයෂ්ඨ උප සභාපති දයා ගමගේ මහතා අතර ද්වන්ධ සටනක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය ගැන දැඩි බලාපොරොත්තුවකින් සිටියද එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩි කැමැත්ත දයා ගමගේ මහතාට ලැබෙමින් පවතින බවටද එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතව සිටි දයා ගමගේ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පසුබිම සාදා තිබෙන්නේද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ වුවමනාවට අනුව බවද වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 99 දෙනකු ඉවත් කිරීමට ගත් තීරණයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ රවි කරුණානායක මහතා අතර එකඟතා පිළිබඳ ගැටලුවක් ඇතිවී තිබුණු බවටද තොරතුරු වාර්තා වේ. මේ අතර දයා ගමගේ මහතා මේ වනවිට හෝමාගම ආසනයේ එජාප සංවිධායක ධුරයට ද පත් කර තිබේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ උපනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා තම සටන අත්හැර නොමැති අතර පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට පත්වුවහොත් පක්ෂය ශක්තිමත් කිරීමේ සැලසුම් රැසක් ගැන රවි කරුණානායක මහතා දැනටමත් අවධානය යොමුකොට තිබෙන බවද ‘මව්බිම’ට වාර්තා වේ.
ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු
– mawbima
ravi karunanayake contact number
ravi karunanayake phone number
Saturday, June 20, 2020

සජිත්ගේ පුටුවට එජාපයේ ද්වන්ද සටනක්..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment