ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ගැන කරුණා අම්මාන්ට එරෙහිව විමර්ශන කරන්න : එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 26, 2020

ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ගැන කරුණා අම්මාන්ට එරෙහිව විමර්ශන කරන්න : එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම

මා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු නායකයෙක් වන කරුණා අම්මාන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නිවේදනය කර සිටිනවා.

ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ ක්‍රියාවක් ඔහු විසින් සිදුකර ඇති බව පවසන එම කොමිසම තොග පිටින් ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් කරුණා අම්මාන්ට එරෙහිව විමර්ශන කළ යුතු බවයි ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටින්නේ.

" එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු නායකයෙක් මෙන්ම රජයේ හිටපු අමාත්‍යවරයෙක් වන කරුණා අම්මාන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුවී තිබෙනවා.

ඔහු විසින් අතීතයේ සිදුකළ යුධ අපරාධ සම්බන්ධයෙන් සිදුකෙරෙන් එම පරීක්ෂණයන්ට අදාළව ඔහු විසින් තොග වශයෙන් ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුයි.

වගවීම ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුටම අදාළ විය යුතු යැයි" එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව සිය ට්විටර් සටහනේ සඳහන් කර සිටිනවා.

අම්පාර ප්‍රදේශයේදී පැවති දේශපාලන රැස්වීමකදී හමුදා සෙබළුන් දහස් ගණනක් ඝාතනය කළ බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට එරෙහිව වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ඔහුගෙන් පැය 07 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.


No comments:

Post a Comment

Post Bottom Ad