ඡන්ද කොල්ලකන්න ආවොත් 10ට ගැනලා වෙඩි තියන්නෙ. තැන අහලා කියන්න වෙන්නෙ - මැ.කො. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 25, 2020

ඡන්ද කොල්ලකන්න ආවොත් 10ට ගැනලා වෙඩි තියන්නෙ. තැන අහලා කියන්න වෙන්නෙ - මැ.කො.

ඡන්ද පෙට්ටි කොල්ල කෑමට එන අයට හිසටම වෙඩි තියන්නැයි කීමට තමන්ට මෙවර හැකියාවක් නොමැති බවත් දැන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තිදෙනෙකු සිටින නිසා අනෙක් දෙදෙනාගෙන් ද විමසා වෙඩි තැබිය යුතු තැන පැවසිය හැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

"පොලිසිය තමයි කටයුතු කරන්නේ. මට කලින් සැරේ කිව්වා වගේ තනි කරුණු කියන්න බෑ. මොකද අපි තුන් දෙනෙක් ඉන්න නිසා. ඒ තුන් දෙනාගෙන්ම අහලා තමයි කියන්න ඕනෙ කොහෙටද වෙඩි තියන්නෙ කියලා.

වෙඩි තියන්න කාටත් ... ඕනෙම කෙනෙක් 10ට ගණන් කරලා තමයි වෙඩි තියන්න ඕනෙ. ක්ෂණිකව තියන්න ඕනෑ ජීවිත හානියක් වගේ වෙනවා නම්. ඡන්ද පෙට්ටි ගෙනියන්න එන කෙනෙකුට අවවාද කරනවානෙ ඉස්සෙල්ලා ගෙනියන්න එපා කියලා. මංකොල්ල කන අයට පාරෙදි කෙරුවා කියනවා වගේ එකපාරට තියන්නෙ නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad