කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට හබරාදුවේ නිවසට ගිය උපදේශකටත් කොරෝනා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 11, 2020

කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට හබරාදුවේ නිවසට ගිය උපදේශකටත් කොරෝනා !

ගාල්ල, හබරාදුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහුව IDH රෝහල වෙත යැවීමට පියවර ගත් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කර සිටිනවා.

මෙලෙස නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනුරුත්ථාපනය කිරීම සිදුකරනු ලබන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන නිලධාරියෙකුටය.

එම නිලධාරියාගේ මව සහ බිරිඳ සමග නිවසේ ජිවත්ව ඇති බවත් ඔවුන්ව නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බවයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ.

මෙම උපදේශකවරයා ජිවත්වන නිවසට යාබද නිවෙස් කිහිපයක ජිවත්වන පුද්ගලයින්ද ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බවයි එම නිලධාරියා සඳහන් කළේ.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදිත උපදේශකවරයා ගේ බිරිඳ ගුරුවරියක් බවත් ඇය ගෝනාපිනුවල ප්‍රදේශයේ පාසලක රාජකාරි කටයුතු කරන බවට කරුණු වාර්තා වී ඇත.

එම ගුරුවරිය දින දෙකක් පාසැලේ රාජකාරි කටයුතු සඳහා පැමිණ ඇති බවත් ඇයගේ PCR පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් ඇයගේ සමීප ආශ්‍රිතයින් වූ ගුරුවරුන් හා ළමුන් 25 දෙනෙකු ස්වයං නිරෝධායනට ලක් කොට ඇති බවයි ගෝනාපිනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළේ.


No comments:

Post a Comment

Post Bottom Ad