බැසිල්ට පාර්ලිමේන්තුවට,2023 මුල අගමැතිකම දෙන්න යෝජනාවක්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 28, 2020

බැසිල්ට පාර්ලිමේන්තුවට,2023 මුල අගමැතිකම දෙන්න යෝජනාවක්.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස එම පක්‍ෂ මන්ත‍්‍රීවරුන් විසින් ආරාධනා කරයි.

එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට නායකත්වය දීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මෙම ආරාධනය කර ඇත.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මේ බව මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමක දී බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් වඩාත් කැමති එළියේ දේශපාලනය කිරීමට බවත් ජනතාව ආරාධනා කළහොත් සලකා බලන බවත්ය.මෙි අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරිමෙන් අනතුරුව බැසිල් රාජපක්ශ මහාතා පාර්ලිමෙන්තුවට පැමින 2023 වසර මුල මහින්ද රාජපකශ අගැතිවරයා විශ්‍රාම ගැනිමෙන් අනතුරුව අගමැති තනතුරේ දිවුරුමි දීමට නියම්ත බව වාර්ථා වෙයි. 

No comments:

Post a Comment

Post Bottom Ad