කටාර් ගිය ශී‍්‍ර ලාංකික කතට හාම්පුත්තු ගහලා මරලා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 28, 2020

කටාර් ගිය ශී‍්‍ර ලාංකික කතට හාම්පුත්තු ගහලා මරලා.


ගෘහ සේවිකාවක ලෙස 2018 වසරේ කටාර් රාජ්‍ය බලා ගිය 36 හැවිරිදි අවිවාහක ගෘහ සේවිකාවට ඇය සේවය කළ නිවසේ හාම්පුතුන් විසින් සිදු කළ අමානුෂික පහරදීම් හේතුවෙන් අධික රුධිර වහනය වී මියයෑමේ ශෝකජනක සිද්ධියක් මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් ඉන්දික සිල්වා මහතා විසින් 27 දා මීගමුව දිස්ති‍්‍රක් මහ රෝහලේ පැවැත්වූ මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණයේදී අනාවරණය විය.

 මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්නපුරයේ පදිංචිව සිටි ජී. එම්. කි‍්‍රෂ්ණා දීප්ති ගයානි දයාකාන්ති (36* මෙනවියයි. ඇය ගෘහසේවිකාවක් ලෙස කටාර් රාජ්‍යය බලා ගොස් ඇත්තේ 2018 සැප්තැම්බර් මස 18 වැනිදාය. ඇය ඇගේ ඥාතීන් සමග දුරකථනයෙන් විවිධ අවස්ථාවල නිතර කතා බස් කොට ඇත. එහෙත් ඇගේ බාල සොහොයුරු ඇයට 2020 ජූලි මස 23 වැනිදා කතා කර ඇතත් ඇගේ දුරකථනය කි‍්‍රයාත්මක වී නැත. ඇය ගැන තොරතුරක් දැන ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ද ගොස් ඇත. පසුව කටාර් රාජ්‍යයේ වෙසෙන මිතුරියක් වන ඉෂානි නමැත්තියගෙන් මියගිය කාන්තාවගේ බාල සොහොයුරු තම අක්කා පිළිබඳව විමසූ අවස්ථාවේ අක්කා පහරදීමකින් මරණයට පත්ව ඇති බව ඉෂානි නමැත්තිය විසින් ඇගේ බාල සොහොයුරුට හෙළිදරව් කර ඇත.

 පසුව ඥාතීන්ගේ කැපවීම මත මියගිය අයගේ සිරුර කටාර් ගුවන් සේවය මගින් ශී‍්‍ර ලකාවට එවා තිබිණි. ඒ සමග එවා තිබූ වෛi වාර්තාව අනුව මියගිය කාන්තාව සේවය කළ නිවසේ හාම්පුතාගේ පුතු විසින් ඇයට අමානුෂික ලෙස පහරදී ඇගේ හිස බිත්තියේ හප්පා බරපතළ තුවාල සිදු කර ඇති බවත් පසුව එම තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වීම නිසා ඇය මියගිය බවත් වෛi වාර්තාවේත් අනිකුත් ලේඛනවලත් සඳහන් වෙයි.

 මෙහිදී ඉදිරිපත් කළ වෛi වාර්තාව සැලකිල්ලට ගත් වැඩ බලන මහෙස්ත‍්‍රාත් ඉන්දික සිල්වා මහතා එම මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදු කර එහි වෛi වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මීගමුව දිස්ති‍්‍රක් මහ රෝහලේ ප‍්‍රධාන අධිකරණ විශේෂඥ වෛiවරයාට දැනුම් දුන්නේය. එම මෘත ශරීරය දැඩි ලෙස නරක්වූ තත්ත්වයට පත්ව තිබිණ. පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් අනතුරුව මියගිය අයගේ සිරුර ඇගේ ළඟම ඥාතීන්ට භාර දෙන ලෙසද වැඩ බලන මහෙස්ත‍්‍රාත් ඉන්දික සිල්වා මහතා නියෝග කළේය. 
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad