2/3 වැඩ පෙන්වයි,19 අහෝසියි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 9, 2020

2/3 වැඩ පෙන්වයි,19 අහෝසියි.



ජනතාව විසින් විශාල බලයක් ලබාදී පත් වූ රජයේ පළමු කාර්යයක් ලෙස 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා තේරී පත් වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

මෙම 19 වන සංශෝධන හේතුවෙන් මුළු රටම අවුල් ජාලාවක් බවට පත්වූ බවද ඔහු පෙන්වා දෙයි.

එය නිවැරැදි කිරීම නව රජයේ පළමු කාර්යයක් යයිද ඔහු කියා සිටියේය.

2015 වසරේ දී 19 වන සංශෝධනය සම්මත කරද්දී ඊට විරුද්ධ වූ එම පාර්ලිමේන්තුවේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ සරත් වීරසේකර මහතායි.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad