අගෝස්තු 05 දා පැවති මහ මැතිවරණයේ ප්රකාශිත ඡන්ද ප්රතිපලවලට අනුව එක්සත් ජාතික පක්ෂයට ජාතික ලයිස්තුවේ මන්ත්රී ධුරයක් හිමිව ඇති අතර ඒ සඳහා එම පක්ෂයේ නීති ලේකම්, ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර පත් කිරීමට තීරණය කර ඇතැයි එජාප අභ්යන්තර ආරංචිමාර්ග පවසයි.
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූ කිසිවකු ජාතික ලැයිස්තුවෙන් පත් නොකිරීමට එජාප නායක රනිල් වික්රමසිංහ දැඩි තීන්දුවට එළඹ ඇත.
ඒ අනුව, ජාතික ලැයිස්තුව නියෝජනය කළ පුද්ගලයින් අතරින් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර, ජාතික ලැයිස්තු මන්ත්රී ලෙස හෙට දිනයේදී යෝජනා කර සම්මත කර ගැනීමට නියමිත බව එම පක්ෂයේ අභ්යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
ජ්යෙෂ්ඨ නීතිඥයකු වන නිශ්ශංක, යහපාලන ආණ්ඩුව සමයේදී ලිට්රෝ ගෑස් සමාගමේ හා මහජන බැංකුවේ සභාපති ලෙස කටයුතු කළේය.
ඒ මහතා පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේදී එජාපයට සම්බන්ධ නඩු වෙනුවෙන් පෙනී සිටිමින් පක්ෂය වෙනුවෙන් විශාල නීතිමය සහායක් ලබා දුන් අයෙකු ලෙස සැලකෙන අතර ආන්දෝලනාත්මක ‘කුරුඳු පොලු නඩුවේ’ දී මංගල සමරවීර ඇතුළු කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමේ ප්රධානියා වන්නේ ද ඔහුය.
Sunday, August 9, 2020
එජාප ජාතික ලැයිස්තු මන්ත්රීධුරය ජනාධිපති නීතිඥ නිශ්ශංකට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment